Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Kabanika Ahara Wasthuwa
by Chandrasiri Thiranagama

Category Agriculture & Related Technologies
Language Sinhala
ISBN Number 978-955-30-7277-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Chandrasiri Thiranagama
Published Year 2016
Book Weight 300.00 Grams
Book Size 21.8x14.3x1cm
Pages 168
Price US $2.63
Rating
Quantity
Description කාබනික ආහාර වස්තුව -කෘෂි විද්‍යාඥ චන්ද්‍රසිරි යූ. තිරාණාගම ලෝකය සංවර්ධනය කරන්නට කළ බොහොමයක් කටයුතු ස්වභාවධර්මය කණපිට හරවන්නට තරම් බලවත් වී ඇති බැවින් මිනිසා ආහාරය යථාවත් කර ගැනීමට ආපසු අතීතයට හැරී යන බව කතුවරයා කියයි. අලුත් යැයි කී පමණින් රැල්ලට හසු වීමෙන් මිල මුදල් නාස්තිය ද ජාවාරම් කරුවන්ට ඉනිමං තැබීම ද සිදුවේ. ඉබාගාතයේ ගසාගෙන යන කාබනික පාරිභෝගිකයාට එල්ලෙන්නට පිදුරු ගසක් නොව මෙය නොසැලෙන මහා වෘක්ෂයකි. පරිපූර්ණ දැනුමක් ඇතිව කාබනික වෙළෙඳපොළට පිය නගන්නට පැහැදිලි මාවත පෙන්වයි. ජාවාරම් කරුවන්ට ඔවුන් මුළා කිරීමට ඇති දොරටු වසා දමන්නට වගකිවයුත්තන්ට සිදුවනු ඇත. මෙහි අන්තර්ගතය එතරම් ම සුපැහැදිලිය, ප්‍රබලය. කාබනික බෝග නිෂ්පාදන තාක්ෂණයෙන් ගොවියා සන්නද්ධ කොට කාබනික ඉල්ලමෙහි තම පංගුව ලොකු කර ගන්නා ක්‍රමවේදය ද පහදයි. කාබනික ආහාරය මිනිසාගේ පරම අයිතියකැයි ද ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය මේ යැයි ද පැහැදිලිව පෙන්වයි. කාබනික කලාප (O-Zone) මා හැඟි සංකල්පයකි. පහතරට තෙත් කලාපය තුළ ඒ සඳහා පුළුල් විභවයක් ඇතැයි වැඩිබරක් තබමින් ගණන් හිලව් ඉදිරිපත් කරයි. සමස්තයක් ලෙස ගත් කළ කාබනික ආහාර වස්තුවෙහි විසිතුරු ගෙනන මෙම පුස්තකය කවර මට්ටමක වුවද අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට ද අගනා වස්තුවක් ම ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka