Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Purana Sinhale Krushikarmanthaya
by Dr. M. T. Hemapala

Category Agriculture & Related Technologies
Language Sinhala
ISBN Number 978-955-30-8071-4
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Dr. M. T. Hemapala
Published Year 2017
Book Weight 260.00 Grams
Book Size 21.9x14.5x1.3cm
Pages 200
Price US $3.19
Rating
Quantity
Description පුරාණ සිංහලේ කෘෂිකර්මාන්තය (මූලාරම්භයේ සිට යුරෝපා ජාතීන්ගේ පැමිණීම දක්වා) -ආචාර්ය ඇම්. ටී. හේමපාල ශ්‍රී ලංකාවේ සංස්කෘතිය රඳා පැවති ශක්තිමත් පද්ධති අතුරින් පුරාණ සිංහල කෘෂි කර්මාන්තයට හිමි වූයේ අද්විතීය ස්ථානයකි. ලාංකේය භූ විෂමතාවල ජල මූලාශ්‍රය, දේශගුණ කාලගුණ විපර්යාස ආදිය මැනවින් පිරිසිඳ දැන සකස්කරගත් කෘෂි කර්මාන්තයක් අතීත ලාංකිකයා සතුව තිබිණි. ඔවුහු ඒ අනුව සිය ජීවන පැවැත්මේ කුදු මහත් අවශ්‍යතා සියල්ල සකස් කර ගත්හ. ඒ නිසාම සැහැල්ලු පැවැත්මකින් පිබිදුණු සෞඛ්‍ය සම්පන්න උද්යෝගිමත් ජාතියක් වශයෙන් නැගී සිටීමට ශ්‍රී ලංකිකයන්ට හැකියාව ලැබිණි. මෙකී පද්ධතිය පිලිබඳ තොරතුරු රාශියක් ලාංකේය සම්භාව්‍ය සාහිත්‍යයෙහි මෙන්ම ජන සාහිත්‍යයෙහි ද අන්තර්ගතයි. එම තොරතුරු සොයා සංගෘහිත කිරීමේ කාර්යය ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ආචාර්ය එම්. ටී. හේමපාල මහත්මා විසින් සිදු කරන ලද සැසඳුම් අධ්‍යයනයක් මගින් අභාවයට යමින් පවත්නා අප කෘෂි සංස්කෘතියෙහි ඇතැම් අංග ඒකරාශී කොට තිබේ. විවෘත ආර්ථික ප්‍රතිපත්ති විද්‍යුත් මාධ්‍යයේ දියුණුව ගෝලීයකරණය වැනි සංසිද්ධි හේතුවෙන් පුරාණ සිංහල කෘෂි කර්මාන්තය විවිධ අභියෝගවලට මුහුණ දි තිබේ. හේමපාල මහතා විසින් අධ්‍යයනය කොට එකතු කර ගත් මෙකී තොරතුරුවලින් ලාංකේය කෘෂි පද්ධතිය සතුව තිබූ පාරම්පරික ඥාන සම්භාරය අනාගතය සඳහා නිදන්කොට තැබීම වැනි කාර්යයක් සිදුවෙයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka