Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Lakdiwa Budu Pilimaya
by Kamburupitiye Wanarathana Himi

Category Art & Architecture
Language Sinhala
ISBN Number 978-955-30-6205-5
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Kamburupitiye Wanarathana Himi
Published Year 2015 New print
Book Weight 350.00 Grams
Book Size 21.6x14.1x1.3cm
Pages 226
Price US $3.65
Rating
Quantity
Description ලක්දිව බුදු පිළිමය -කඹුරුපිටියේ වනරතන හිමි මෙම ග්‍රන්ථයේ, පළමුවන පරිච්ඡේදයෙන් ලංකාවේ බුදුපිළිමයේ විකාශනය පිලිබඳ විෂය ක්ෂේත්‍රය හඳුන්වා දෙනු ලැබේ.එහිදී විශේෂයෙන් බෞද්ධ කලාවේ සමාරම්භය හා එහි විකාශයත් බුද්ධ ප්‍රතිමාවෙන් අභිව්‍යක්ත වන අර්ථයත් සකච්ඡා වේ. මුලාශ්‍රයන් හඳුන්වා දීම දෙවැනි පරිච්ඡේදයෙන් සිදුවෙයි.එහි ආගමික හා සාහිත්‍යාත්මක වූද ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වූ ද ශිල්ප ශාස්ත්‍රීය වූ ද මුලාශ්‍රයන් මූලික වශයෙන් සකච්ඡා වෙයි. ප්‍රතිමා සංකල්පයේ ආරම්භය හා විකාශනයත් එය බුද්ධ ප්‍රතිමා නිර්මාණයට බලපෑ දටිත් තෙවැනි පරිච්ඡේදහිදී සාකච්ඡා වේ.මෙහිදී බුද්ධ ප්‍රතිමා නිර්මාණයේදී උද්ගත වූ ගැටළු පහක් ගැනද විශේෂ අවධානය යොමු කොට ඇත. සතරවැනි පරිච්ඡේදයෙන් බුද්ධ සංකේත ගැන විස්තර වෙයි.මුලදී බුදුන් වහන්සේ මනුෂ්‍යස්වරූපී නොවූ සංකේත මගින් නිරූපණය කරන ලද බවත් පසුව මනුෂ්‍යස්වරූපී බුදුපිළිම නෙලීම පටන් ගත බවත් මෙහිදී සාකච්ඡා වෙයි.බුද්ධ සංකේත වශයෙන් කලින් හඳුනාගෙන ඇති බෝධිය, ආසනය හා ශ්‍රීපාදය වැනි සංකේත ගණයට හස්ති අශ්ව වෘෂභ හා සිංහ වැනි රූපද ඇතුළත් කළ හැකි බව වැඩිදුරටත් මෙහිදී පෙන්වා දෙනු ලැබේ.ආදිම භාරතීය බුද්ධ ප්‍රතිම වශයෙන් මථුරාවෙන් සොයාගත් ප්‍රතිමා කීපයක තොරතුරු ඇතුළත් කොට මථුරා ගන්ධාර ආන්ධ්‍ර හා ගුප්ත සම්ප්‍රදායන් ගැනද සැකෙවින් කරුණු දක්වා ඇත. පස්වැනි පරිච්ඡේදයේදී බුද්ධ ප්‍රතිමාවේ මූලික ලක්‍ෂණ සාකච්ඡා වෙයි.මෙම මූලික ලක්‍ෂණ වශයෙන් මහා පුරුෂ ලක්‍ෂණ වැදගත් වන සේ සලකනු ලැබේ.ඒවා අතර උෂ්ණීෂය හා සිරස්පත පිලිබඳ ථෙරවාද මහායාන වෙනස්කම් තුලනාත්මකව විග්‍රහ කෙරේ. ලංකාවේ බුදුපිළිම නෙලීම ආරම්භ වූ වකවානුව සහ එය විකාශයට පත් වූ ආකාරය පිළිබඳව විචාරාත්මක විග්‍රහයක් කෙරෙන සයවැනි පරිච්ඡේදයේදී නිදර්ශන වශයෙන් විශේෂ ලක්‍ෂණ ඇති බුදුපිළිම කීපයක් පිලිබඳ විවරණ ද ඇතුළත් කර ඇත,මෙම බුදුපිළිමවල කාලනිර්ණය ගැනද විශේෂ සැලකිල්ලක් දක්වා ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka