Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Behethata Pana dena anupana
by G. U. Anuruddha Kumara

Category Ayurwedaya & Yoga
Language Sinhala
ISBN Number 978-955-30-6844-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name G. U. Anuruddha Kumara
Published Year 2016
Book Weight 160.00 Grams
Book Size 21.7x14x0.4cm
Pages 64
Price US $1.44
Rating
Quantity
Description බෙහෙතට පණ දෙන අනුපාන -වෛද්‍ය ජී. යූ. අනුරුද්ධ කුමාර ආහාර හා ඖෂධ භාවිතයේ දී ඒවා සිරුර තුළ සීඝ්‍රයෙන් පැතිරීම, ඒවායේ ජීර්ණය හා අවශෝෂණය පහසු කරන, ඒවායේ ගුණය වැඩි කරන සහායක ද්‍රව්‍ය හෝ ද්‍රව මාධ්‍යය අනුපානයක් ලෙස සඳහන් කල හැක. මෙසේ සැලකූ කල්හි අනුපාන සංඛ්‍යාව කොතෙක් දැයි කියා නිම කළ නො හැකි තරම් ය. එසේ ම බොහෝ අනුපාන ද්‍රව වන බවත් අවධාරණය කල යුතු ය. දේශීය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය සැලකීමේ දී විශේෂයෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයේ ගුලි කල්ක ආදී බොහෝමයක් ඖෂධ අනුපාන වලින් තොර ව යෙදීමක් සොයා ගත නො හැකි තරම් ය. එසේ ම එක ම ඖෂධය විවිධ අනුපාන භාවිතයෙන් විවිධ රෝග සඳහා යෙදිය හැකි බව මෙම චිකිත්සා ක්‍රම අධ්‍යයනය කරන අයට මනා ව තහවුරු වනු ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ස්වස්ත්‍ය සංරක්‍ෂණය හා ආතුර පරායණය යන මූලික පරමාර්ථ දෙක පදනම් කර ගෙන නිර්මාණය වී ඇත. අනුපාන ගැන ආයුර්වේද විවරණය ඖෂධ සඳහා පමණක් සීමා නො වී ආහාර ඇසුරෙන් ද පැහැදිලි කරන්නට ඇත්තේ ඒ නිසාවෙනි. මෙම ග්‍රන්ථයේ විස්තර වන ජලය, මීපැණි, කිරි, දීකිරි, ගිතෙල්, තෛල, සීනි, උක්පැණි හා මූත්‍ර යනාදිය විශිෂ්ට වූ හා නිතර භාවිතයට ගන්නා අනුපාන වර්ග වෙති. මෙම ද්‍රව්‍ය බොහොමයක් අනුපාන ලෙස නො ව ආහාරයක් ලෙස දිනපතා යොදා ගන්නා දේවල් බව ඇතැමෙක් සිතනු ඇත. එහි වරදක් නැත. නමුත් මේවයේ ගුණ අගුණ, භාවිත කළ යුතු ආකාරය, භාවිත කළ යුතු වේලාවන් හා ප්‍රමාණය යනාදියත් ඒවායේ විවිධ සංස්කරණ පිලිබඳ වර්තමාන සමාජය සතු දැනුම අල්ප බව හැඟී යයි. මෙම ග්‍රන්ථය පරිශීලනය ඔබගේ දැනුම වැඩි කර ගැනීමට අත්වැලක් වනු නො අනුමානය. එසේ ම වර්තමානය වන විට බොහෝ දෙනෙක් ගිතෙල්, දීකිරි, උක්පැණි යනාදිය පමණක් නො ව ජලය පානය ද අහිතකර හෝ ප්‍රතිඵලදායක නො වන බවට හෝ තර්ක කරති. නමුත් එය නම් වැරදි මතයකි. මන්ද යත් සියලු අනුපාන අතරින් උත්තම වන්නේ වර්ෂා ජලය යි. එසේ ම උණු ජලය වනාහි අනුපානයක් පමණක් නො ව වර්තමානයේ දැවෙන ප්‍රශ්න වන ස්ථුලත්වය, කොලෙස්ටරෝල්, ආමවාත යන රෝගයන්ට ඖෂධයක් වශයෙන් ද භාවිත කළ හැකි දෙයකි. ඒ කෙසේ වෙතත් මීපැණි, ගිතෙල්, දීකිරි ආදිය පමණක් නොව ජලය පවා පිරිසිදු තත්ත්වයෙන් සොයා ගත නො හැකි බවත්, ව්‍යාජ නිෂ්පාදන වෙළඳ පොළෙහි ඇති බවත් තවකෙක් පවසයි. එය ද සාධාරණ ය. මෙම ග්‍රන්ථය තුළින් ඒවා පිරිසිදු කර ගන්නා ආකාරය පිළිබඳවත්, ඒවා ප්‍රයෝජනවත් පරිදි සකස් කර ගන්නා ආකාරය පිලිබඳ දැනුමත් පාඨකයා වෙත ලැබෙනු ඇත. අවසාන වශයෙන් ඇතැමෙක් අපි දිනපතා ජලය පානය කරන බවත්, නමුත් අපට පෙර සඳහන් කළ රෝගයන් ඇති බවත් පවසන්නට ඉඩ තිබේ. මෙහි දී දෙපාර්ශවය ම නිවැරදි ය. එසේ පැවසීමට හේතුවවන්නේ ඔබ ජලය පානය කළත්, එය නිසි ලෙස සකසා ගෙන, නිසි වෙලාවේ දී නිසි ප්‍රමාණයෙන් පානය කළේ ද යන්න ගැටළු සහිත වන නිසාවෙනි. උදාහරණයක් වශයෙන් ආහාරයෙන් පසු ජලය පානය ස්ථුලත්වයට හේතු වෙයි. එබැවින් ස්ථුල පුද්ගලයින්ගේ විශේෂයෙන් උණු ජලය කෑමට පෙර පානය් කිරීම හිතකර වන්නේ ය. මෙම ග්‍රන්ථය අධ්‍යයනය කරන පාඨක ඔබ සියලු දෙනාට ම ඉහත ගැටළු නිරාකරණය කර ගැනීමට මෙම ග්‍රන්ථය පිටුවහලක් වේවා..!


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka