Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart
Full Category

Book Details

Pretha Wasthuwa
by Siri Thilakasiri

Category Buddhism
Language Sinhala
ISBN Number 978-955-30-0658-5
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Siri Thilakasiri
Published Year 2016
Book Weight 540.00 Grams
Book Size 21.2x13.9x2.1cm
Pages 336
Price US $4.84
Rating
Quantity
Description ප්‍රේත වස්තුව -සිරි තිලකසිරි "දේශනා විෂයෙහි හසල තෙරණුවෝ ජනයාගේ සංවේගය දන්වනු වස් පළමුකොට ප්‍රේත වස්තුව පවසා...." යනුවෙන් මහාවංශ ටීකාව මිහිඳු මාහිමියන් ජනයා වෙනුවෙන් පළමු ප්‍රේත වස්තුව දේශනා කළ බව පවසයි.බුද්ධිමතකු නිසා දේවානම්පියතිස්ස රජුහට හත්ථිපදෝපම සූත්‍රයත්, දේවසමාගමයෙහිදී සමචිත්ත සූත්‍රයත් දෙසීමෙන් පසු සෙසු ජනතාව සඳහා දහම් දෙසීමෙහිදී පළමුවෙන් ප්‍රේත වස්තුව දෙසන ලද්දේ එදා සාමාන්‍ය ජනතාව ප්‍රේතාදීන් පිළිබඳව දැක්වූ ලද විශ්වාසය පිළිබඳව වැටහීමෙන් බවට සැකයක් නැත. එතැන්සිට මේ වනතුරුම ප්‍රේත වස්තුව මෙරට ජනතාව අතිශයින් ප්‍රිය කළ ධර්ම ග්‍රන්ථයක් විය. එයට හේතුව නම් කුඩා වුවද අකුශල කර්මයන්හි අතිශය බිහිසුණු ප්‍රතිඵල පෙන්වා දීම මඟින් පුද්ගලයන් යහපත් චර්යාවන් වෙත ගමන් කරවීමට තරම් බලයක් ප්‍රේත වස්තු කතාවන්හි ගැබ්ව තිබීමයි. පුද්ගලයන් යහපත් චර්යාවන් වෙත යොමු කරවීම මුළු මහත් ජන සමාජයම යහපත් මඟට යොමු කරවීමකි. ප්‍රේත වස්තු කථා ඒ සඳහා මුල් තැන ලද අයුරු ප්‍රකට කරුණකි. මේ ප්‍රේත වස්තුව පාලි පේතවත්ථු අටුවාව සරල සිංහලයට නැගීමෙහි ප්‍රතිඵලයකි. ඒ නිසා ප්‍රේත වස්තු කථා පහසුවෙන් තේරුම් ගැනීමට මේ ග්‍රන්ථය සහාය වෙයි. ප්‍රේත වස්තුවෙහි කථාවස්තු අතර ගාථාද දක්නට ලැබෙයි. මේ ග්‍රන්ථයෙහි ගාථා කථාවස්තුවලට ඇතුළත් නොකොට ගාථාවන්හි අර්ථ සපුරා සිංහලයට නඟා ඇත. එහෙත් ග්‍රන්ථය අවසානයෙහි ප්‍රේත වස්තුවේ සියලු ගාථා අර්ථ සමඟ දක්වා ඇත. ග්‍රන්ථයෙහි කථාවස්තූන්හි සඳහන් කොට ඇති අංක මඟින් එයින් පැවසෙන අර්ථය සහිත ගාථාව කුමක්ද යනු හඳුනාගත හැකිය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting by EnterSys