Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mihiliya matha kalayak thibu andam
by Swarna Ihalagama

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-6814-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Swarna Ihalagama
Published Year 2016
Book Weight 300.00 Grams
Book Size 21.9x14.2x1.1cm
Pages 184
Price US $2.80
Rating
Quantity
Description මිහිලිය මත කළයක් තිබු අන්දම් කළය පිලිබඳ සමාජ - සංස්කෘතික අධ්‍යයනයක් -ස්වර්ණා ඉහළගම ලොව සියලුම සමාජ සංස්ථාවන්ට, පුද්ගලයන්ට, භාණ්ඩ, උපකරණ හා මෙවලම්වලට මෙන් ම මැටි කර්මාන්තයට ද සම්භවයක් හා ක්‍රමික විකාශනයක් තිබේ. ඒ අනුව මැටිකර්මාන්තයේ ඓතිහාසික හා සමාජ පසුබිම ද ඊට සම්බන්ධ තාක්ෂණික කරුණු හා විවිධ මැටිභාණ්ඩ ආදිය ද පිළිබඳව විමර්ශනය කරමින් සාම්ප්‍රදායික මැටිකර්මාන්තය හඳුනා ගැනීම සඳහා මේ කෘතියෙහි පළමුවෙනි පරිච්ඡේදය වෙන් කෙරේ. ප්‍රධාන වශයෙන් ම කළය භාවිතයට ගැනුණේ ජලය රැගෙන යාමට හා රැස්කර තබා ගැනීමටය. එහෙත් එය ජලය පරිහරණයට සීමා නොවී, විවිධ ද්‍රව වර්ග හා ඝන ද්‍රව්‍ය බහා ලීමට ද භාවිතයට ගැනිණ.එලෙස, භෞතික වශයෙන් කළය භාවිතයට ගැනුණ ආකාරය දෙවෙනි පරිච්ඡේදයෙන් විමර්ශනය කෙරේ. කළය අභෞතික වූ ඇදහිලි - විශ්වාස, පුද පූජා, ශාන්තිකර්ම හා චාරිත්‍ර වාරිත්‍ර සමඟ බැඳී පවතී. මේ පිලිබඳ ව සාකච්ඡා කිරීම සඳහා තෙවන පරිච්ඡේදය වෙන් කෙරේ. කළය, භෞතික හා අභෞතික වශයෙන් භාවිතයට ගැනීමේ දී ජනයා ස්පර්ශ කළ අත්දැකීම් ආශ්‍රිත ආකල්ප - සංකල්ප රාශියක් ද වේ. ඒවා ගොඩනැගී ඇත්තේ, ජලයේ හෝ වෙනත් ද්‍රව හෝ ද්‍රව්‍ය විශේෂයකින් හෝ කළය පිරුණු කල හා එය හිස් වූ කළ ගැමියා තුළ ජනිත වන මනොභාවයන්හි ක්‍රියාකාරිත්වය පදනම් කර ගෙන ය. ඒ අනුව කළය වටා ගොඩනැගුණු ආකල්ප, සංකල්ප හා සංකේතාර්ථ පිලිබඳ විමර්ශනයක් සඳහා සිවුවෙනි පරිච්ඡේදය වෙන් කෙරේ. නිරන්තරයෙන් භාවිතයට ගැනුණු කළය තේමා කොට ගෙන නිර්මාණය වූ ජනශ්‍රැති විශේෂයක් වන ජනකාව්‍ය පිලිබඳ විමර්ශනයක් සඳහා පස්වෙනි පරිච්ඡේදය වෙන් කෙරේ. මෙහි දී මැටි කර්මාන්තය සහ කළයේ භෞතික සහ අභෞතික භාවිතයන් ද ආශ්‍රිත ප්‍රකට ජනකාව්‍ය නිර්මාණ උපයෝගී කර ගැනිණි. මේ කෘතිය, සාම්ප්‍රදායික මැටිකර්මාන්තය ආශ්‍රිත ප්‍රධානතම නිෂ්පාදනයක් වන කළය, ජන ජීවිතයේ සෑම අංශයක් ම ස්පර්ශ කර ඇති ආකාරය ජනශ්‍රැති හා සාහිත්‍ය මූලාශ්‍රයන් ඇසුරින් හඳුනා ගැනීමට දැරූ ප්‍රයත්නයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka