Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Wes Muhunu Haa Kolam Nateema
by Nandadewa Wijesekara

Category Culture
Language Sinhala
ISBN Number 978-955-30-6970-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Nandadewa Wijesekara
Published Year 2016
Book Weight 340.00 Grams
Book Size 21.8x14.5x1.2cm
Pages 188
Price US $3.15
Rating
Quantity
Description වෙස් මුහුණු හා කෝලම් නැටීම -ආචාර්ය නන්දදේව විජේසේකර වෙස් මුහුණු හා කෝලම් නැටීම නමැති පොත සකස් කිරීමට මා අදහස් කෙළේ කරුණු කීපයක් මුල්කර ගෙනය. කෝලම් නැටීම ගැන කරුණු ප්‍රකාශ කරන්නෝ බ්‍රිතාන්‍ය පුස්තකාලයෙහි තිබෙන අත් පිටපතක් ගැන කියති. එම පොත එහි ලේඛනාගාර ගත කොට තිබෙන්නේ "බලි යාගය නොහොත් කෝලම් නැටීම" යන නම යටතේ ය. ඊට දී තිබෙන අංකය OR 4995 යි. මේ පිටපත මිල දී ගෙන තිබෙන්නේ 1895 වර්ෂයේ දීය. එම්. ඩී. ඉසෙඩ්. වික්‍රමසිංහ මහතා විසින් 1900 දී සම්පාදනය කළ පොත් ලැයිස්තුවෙහි එය විස්තර කර තිබේ.53 පිටුවේ 50 වන ශීර්ෂය බලන්න. ලන්ඩන් නගරයට ගොස් මේ පොත කියවන්නට අවස්තාව ලැබෙන්නේ ස්වල්ප දෙනෙකුට පමණයි. ලක්දිවදීම එය බලා කියැවීමේ පහසුව සැමොටම ලැබෙත් නම් කොපමණ සාධාරණද? වැඩි දෙනෙකුට මෙවැනි පහසුවක් ලබාදීමෙන් මහඟු සේවයක් ඉටු කළ හැකි බව මට පෙනීගියෙන් මුල් කොපිය පිටපත් කොට ප්‍රකාශකරවා ගැනීමට මෙම වැඩ කෙළෙමි. මේ පොත එකී ව්‍යායාමයක ප්‍රතිඵලයකි. 1895 දී සකස්කළ පිටපත කියවීමෙන් කෝලම් නැටීම ගැන මීට අවුරුදු 87ට පමණ පෙර පැවති තත්ත්වය මැනැවින් වටහාගත හැකිය. ඒ වකවානුවේදී ජනප්‍රිය කථා, රඟදැක්වූ චරිත, වේදිකාගත කළ ආකාරය, වෙස්මුහුණු වල විස්තර, ව්‍යවහාර කළ කවි, කාව්‍ය ලක්‍ෂණ හා භාෂාවිලාසය යනාදිය මේ පොත කියවීමෙන් දැන ගත හැකි ය. කෝලම් කවි කටපාඩමින් කීමත් ලිවීමත් අතර යම් කිසි වෙනසක් පෙනෙනවා ඇත. ඒ නයින් සලකන කළ පෙර ව්‍යවහාරය පරිදි අකුරු තල්පත්වල ලිවූ ක්‍රමය හඳුනා ගන්නට පුළුවන. මේ පිටපතෙහි පෙනෙන්නට තිබෙන්නේ වැඩිපුර ඉගෙනීම නොලැබූ අයෙකු කළ ලේඛනයකි. මේ ගැන තවත් කරුණු 72 වන පිටුවේ ඇත. කෝලම් නැටීමේ කවි කියවන්නාට සදොස්තැන්, අකුරු අතහැරිය තැන්, ශබ්ද දීර්ඝ විය යුතු තැන්,නිසැකවම පෙනෙන්නට පුළුවන, මෙලෙස වැඩි අඩු තැන් වෙනස් නොකොට මුල් පිටපතේ තිබෙන හැටියටම මේ පිටපත මුද්‍රණය කොට ඇත. එසේ කිරීමට හේතුව නම් පාඨකයාට මුල් පිටපතේ යථා තත්ත්වය දැන ගැනීමය. වෙස්මුහුණු ගැන සාමාන්‍ය දැනුමක් ලබාගැනීම ප්‍රයෝජනවත් වනවා නො අනුමානය. ඒ අතින් යමක් දැනගැනීම සඳහා අළුතෙන් සකස් කළ ලිපියක් කෝලම් නැටීමේ කවිවලට මුලින් දැක්වෙයි.එය කියවීමෙන් ලංකාවේ වෙස්මුහුණුවල අගය තුලනාත්මක වශයෙන් මැන අවබෝධ කර ගැනීම පහසු වෙනවා ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka