Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Aaa Dakinna sanwedi wanna
by Ruhana Binsali

Category Education
Language Sinhala
ISBN Number 978-955-30-6214-7
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Ruhana Binsali
Published Year 2015 1st Print
Book Weight 120.00 Grams
Book Size 21.8x14.2x0.6cm
Pages 93
Price US $1.85
Rating
Quantity
Description ඈ දකින්න සංවේදී වන්න... -රුහානා බින්සාලි කතුවරියගේ හදවතේ රැඳී සංවේදීතාව තම දියණියට නොහොත් දැයේ දියණියන් බඳු සියලු කාන්තාවන් වෙත ප්‍රේෂණය කිරීමට කතුවරිය විසින් මනා ලිඛිත ව්‍යවහාරයක් භාවිතා කර ඇත.කුඩා දරුවකුගේ අදහස් තේරුම්ගැනීම තුලින් දරුවාගේ පෞරුෂය වර්ධනය වන ලෙස දෙමාපියන් හැසිරිය යුතු ආකාරය කතුවරිය විසින් සරල නමුත්, වඩාත් උචිත උපමා සහ කථා ආශ්‍රයෙන් විස්තර කර ඇත.තවද කර්කෂ නමුත් සත්‍ය වශයෙන් අදටත් පිළිපදින්නා වූ "චාරිත්‍ර" යැයි සැලැකෙන දකුණු ඉන්දියාවේ "අලංගෝලම්" චාරිත්‍රය ඇසුරින් අදහස් දක්වන කතුවරිය මිනිසත් බවේ පහළම අඩියට වැටී ඇති චාරිත්‍ර පිලිබඳ නැවත ප්‍රශ්නාර්ථයක් පාඨක සිත් තුළ ජනිත කරවීමට සමත් වී ඇත. එසේම තම අවට පරිසරය පිලිබඳ අවබෝධයෙන් නොසිටීමේ ප්‍රතිවිපාක ලෙස තම ජීවිතයෙන් වන්දි ගෙවන "නැව් කුරුල්ලෝ" පිලිබඳ කථාව කතුවරිය විසින් උපහැරණයක් ලෙස ඉදිරිපත් කර ඇත්තේ සමාජ පරිවර්තනය දෙස ඇස්කන් පියා සිටින කවරෙකු වුවද අත්විඳිය හැකි දුර්විපාක සිහිගන්වමිනි.සිංහල භාෂාව තම මවු භාෂාව නොවුවත් එය සුමටව භාවිහා කරමින් "මානුෂික විද්‍යාව" එනම් මිනිසුන් හට කරුණාවන්ත වීම හා ඔවුන්ගේ අදහස් තේරුම්ගෙන කටයුතු කිරීම සඳහා පාඨක සිත් දැඩිව ග්‍රහණය කර ගනිමින් එක හුස්මට මෙම පොත කියවීම සඳහා උනන්දුවක් පාඨක සිත් තුළ ජනිත කරවීමට කතුවරිය සමත් වී ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka