Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Usas Adhyaapana Sarthakahwaya Sandaha Upayamarga 100k
by Viraj Karunananda

Category Education
Language Sinhala
ISBN Number 978-955-30-6923-8
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Viraj Karunananda
Published Year 2016
Book Weight 240.00 Grams
Book Size 21.7x14.3x0.8cm
Pages 132
Price US $2.17
Rating
Quantity
Description උසස් අධ්‍යාපන සාර්ථකත්වය සඳහා උපායමාර්ග 100ක් -විරාජ් කරුණානන්ද විරාජ් කරුණානන්ද දැනට ඉන්ෆොටෙක් ජාත්‍යන්තර අධ්‍යාපන ජාලයෙහි අධ්‍යයන ප්‍රමිති හා තත්ත්ව පාලන ප්‍රධානි සහ කථිකාචාර්යවරයෙක් වශයෙන් කටයුතු කරයි. තම ප්‍රථම උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ගන්නා ඔහු දේශීය සහ විදේශීය විශ්වවිද්‍යාල රාශියකින් පර්යේෂණ සහිතව සහ රහිතව තම පශ්චාත් උපාධි සුදුසුකම් ලබා ඇති අතර එම කාලය තුළ ලබා ගන්නා අත්දැකීම් උසස් අධ්‍යාපන සාර්ථකත්වය සඳහා උපක්‍රම 100ක් මගින් එළිදක්වා ඇත. එමගින් උසස් අධ්‍යාපන සාර්ථකත්වය සඳහා ලඟාවෙන ආකාරය තම පර්යේෂණාත්මක සහ විශේලේෂණ ශක්තිය සුසංයෝගයෙන් මනාව ඉදිරිපත් කිරීමට සමත්ව ඇත. "අවසානයේ අත්‍යාවශ්‍ය කරුණ විය යුත්තේ කුමක් දැනගත යුතුද යන්න ඉගැන්වීමයි." ලෙසින් ප්‍රංශ ජාතික අධ්‍යාපනඥයෙකු වන සයිමන් වේල් වරක් ප්‍රකාශ කළ ආකාරයට අධ්‍යාපනයේදී සිසුන් තම ඉගැන්වීම් චර්යා සාර්ථක අධ්‍යාපනයක් උදෙසා වෙනස් කරගත යුතු ආකාරය ඉතා සරල, අතිශය ප්‍රායෝගික නමුත් අධ්‍යයන විද්‍යානුකූල මූලයන්ට අනුගතව උසස් අධ්‍යාපන සාර්ථකත්වය සඳහා උපාය මාර්ග 100 ක් තුළින් ඉදිරිපත්ව ඇති ආකාරය ප්‍රසංශනීය ය. විශ්වවිද්‍යාල ප්‍රජාව තම අධ්‍යයන කටයුතුවලදී මුහුණ දෙන ඉතා සියුම් ගැටලු ඉතා ප්‍රායෝගික අත්දැකීම් ඇසුරින් මෙහි අවධානයට ලක් කොට ඇත. පෞද්ගලිකව ශිෂ්‍ය ශිෂ්‍යාවන් තුළ සැඟ වී පවතින ප්‍රබල හා දුබල ගුණාංග හඳුනා ගැනීමටත් ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීමට ස්වයං පෙළඹීමක් තමන් තුළ ගොඩ නගා ගැනීමටත් ප්‍රමාණවත් ප්‍රායෝගික හා විද්‍යානුකූල කතිකාවතක් මෙම කෘතියේ ගොඩ නගා ඇත. මෙම කෘතිය පුරා දිග හැරෙන විශ්වවිද්‍යාල තුළ පවතින ඉගෙනීමේ සංස්කෘතිය අතීතයේ සිට වර්තමානය දක්වා වූ කාල භේදය අභිභවා ගොස් පාඨකයාගේ අත්දැකීම් බව ඔහු හඳුනා ගන්නේ ලේඛකයා දක්ෂ ලෙස සමස්ත පොදු ගැටලු තම අත්දැකීම් තුළින් විශ්ලේෂණය කොට ඉදිරිපත් කර ඇති ආකාරය නිසාය. විශ්වවිද්‍යාල පද්ධතිය වෙතට හෝ උසස් අධ්‍යාපනයට පිවිසෙන නව විද්‍යාර්ථීන් හට තම ඉලක්ක කරා ගමන් කිරීමට අවහ්‍ය මාර්ගෝපදේශනයට මෙම කෘතිය තුලින් ප්‍රමාණාත්මකව ඉතා ඉහල දායකත්වයක් සපයයි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka