Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Gama Watakara Mal Pipila
by Piyasiri Matharage

Category Fictions, Novels
Language Sinhala
ISBN Number 978-955-30-7510-9
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Piyasiri Matharage
Published Year 2016
Book Weight 240.00 Grams
Book Size 21.7x14.2x0.9cm
Pages 168
Price US $2.41
Rating
Quantity
Description ගම වටකර මල් පිපිලා -පියසිරි මාතරගේ අද මෙරට ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ මෙන්ම පරිවර්තන ද විශාල ප්‍රමාණයක් යොවුන් සාහිත්‍යයට එක් වෙයි. බොහෝ පරිවර්තනවල ද, ඇතැම් සිංහල කථාවල ද ප්‍රධාන චරිතය වන්නේ අසාමාන්‍ය වීරයෙකි. ටාසන් හා ස්පයිඩර් මෑන් උදාහරණ දෙකකි. ඇතැම් සිංහල යොවුන් නවකතාවල නිදන් හොරුන්, මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් වැනි අය පොලිසීයට කොටු කර දෙන ළමා වීරයෝ වෙති. වීරත්වය නරක දෙයක් නොවේ. යොවුන් නවකතාවල එන අසාමාන්‍ය වීරයන් සිත්වල පලාපැදියම් වීමෙන් තමන්ගේ ගැටලු විසඳීමට නායකයකු අත්‍යවශ්‍ය යැ යි සිතන පිරිසක් බිහි වෙයි. අන්‍යන් ගැන නො සිතන සමාජයකට සාමුහිකව ගැටලු විසඳාගැනීමේ හැකියාව නැති බැවින් නායකයකු නැතිව බැරි වෙයි. නායකයන් අවශ්‍ය වුව ද වඩාත් වැදගත් වන්නේ තමා විසින් තමා පාලනය කරගැනීමයි. යොවුන් නවකතාවලින් කළ යුත්තේ නායකයන්ට තම ගැටලු කොන්ත්‍රාත් නොදී සාමුහිකව විසඳා ගැනීමට යොමු කිරීමයි. ගම වටකර මල් පිපිලා කෘතියෙන් යම් තරමකට හෝ ඒ කාර්යය සිදු වන බව මගේ අදහස යි. මෙහි ප්‍රධාන චරිතය අසාමාන්‍ය කෙනෙකු නොව මහා පොළොවේ පය ගසා සිටින අයෙකි. තමාගේ ගැටළු තමාම විසඳාගන්නා ඔහු අන් අයට ද උදව් කරයි. සාමුහිකව අන් අයගේ ගැටලු විසඳීමට ද උදව් වෙයි. කළ යුතු දේ කරනවා විනා තමා නායකයකු යැ යි ඔහුට හැඟීමක් ද නැත. පියසිරි මාතරගේ නිවැරදි ලෙස බස හසුරුවමින් යොවුනන්ට මෙය පිරිනමා ඇත. -වින්සන්ට් හලහකොන් මොරටු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය (ඉංග්‍රීසි) කොළඹ විශ්වවිද්‍යාලයේ භාෂා පරිගණක තාක්‍ෂණ පර්යේෂණාගාරයේ හිටපු සාමාජික


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka