Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Thathwa Kalamanakaranaya thulin niranthara diyunuwa
by Densil A. Kalupahana

Category Management & Administration
Language Sinhala
ISBN Number 978-955-30-6386-1
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Densil A. Kalupahana
Published Year 2015 1st Print
Book Weight 230.00 Grams
Book Size 21.7x14.5x0.8cm
Pages 152
Price US $2.60
Rating
Quantity
Description තත්ත්ව කළමනාරණය තුලින් නිරන්තර දියුණුව -ඩෙන්සිල් ඒ. කලුපහන තත්ත්ව ආරක්ෂණය (Quality Assurance)ක්ෂේත්‍රය දිනෙන් දින පෝෂණය වෙමින් පවතින විෂය ක්ෂේත්‍රයකි. දිනෙන දින සංකීර්ණ වන මිනිස් චර්යාවන්ගෙන් ගහන වූ ලෝකය තුළ ඇති විවිධ ආකාරයේ සංකීර්ණ ගැටලු සංවිධානාත්මකව සහ වඩාත් කාර්යක්ෂම ලෙස විසඳා ගැනීමට තත්ත්ව ආරක්ෂණයේ ඇති වැදගත්කම මෙම ග්‍රන්ථය මගින් විග්‍රහ කෙරෙයි. ලෝකයේ වෙනත් රටවල් වල තත්ත්ව ආරක්ෂණය හා සම්බන්ධ විෂය ක්ෂේත්‍රය එම රටවල් වල අධ්‍යාපන රාමුව තුළ දැකිය හැකි වුවුද ලංකාවේ තවමත් මෙම විෂය මුලික හා ද්වීතියික අධ්‍යාපනයට අඩංගුව නැති තරම්ය. මෙම තත්ත්වය තුළ අධ්‍යාපන පාඨමාලාවන් අවසන් කර රැකියා ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ තරුණියන් බොහෝමයකට තත්ත්ව ආරක්ෂණය සහ තත්ත්ව පාලනය ගැන විශයානුකූල දැනුම ලැබෙනුයේ පසු අවස්ථාවකදීය. රටේ වෘත්තියමය අවශ්‍යතාවයක් වන මෙම ක්ෂේත්‍රය පසුගිය වසර 25 පමණ කාලය තුළදී ලංකාව තුළ දියුණුවක් ලබමින් ඉදිරියට ඇදෙන බව නොරහසකි.තත්ත්වය මෙසේ වන විට රැකියා අවස්ථාවන්ගෙන් ගහන (Quality Assurance / Quality Control) මෙම ක්ෂේත්‍රයට පිවිසෙන නවකයන්ටත් වෙනත් වෘත්තීන් හි නියැලෙන අයටත් දැනටමත් තත්ත්ව ආරක්ෂණය සහ තත්ත්වපාලනය ක්ෂේත්‍රය තුළ රැකියාවේ නියුතු අයටත් තම විෂය ක්ෂේත්‍රය වැඩි දියුණු කර ගැනීමට මෙම ග්‍රන්ථය මහඟු පිටුවහලක් වනු නොඅනුමානය. එපමණක් නොව රැකියාවක නියුතු නොවුවද ගෘහයේ සිට විවිධ ආකාරයෙන් රැකියාවක දියුණුවට මහත් සේවාවක් කරන ගෘහණියන් හට වුව ද මෙම සංකල්පයන් දැන ගැනීම තුලින් තමන්ගේ එදිනෙදා කටයුතු ඉතාමත් සංවිධානාත්මකව හා ඵලදායී ලෙස කර ගැන්මට අවශ්‍ය පසුබිම ලැබෙන අතර පවුල් ඒකකයක් ලෙස දියුණු වීමට අවශ්‍ය ආකල්පමය දියුණුවට පිටුවහලක් වනු නොඅනුමානය. එපමණක් නොව ව්‍යාපාර ක්ෂේත්‍රයට පිවිස රටේ දියුණුවට මං පෙත් විවර කර ඇති ස්වයං රැකියාවන්හි නියුතු පුද්ගලයන්ටත් තම ව්‍යාපාර වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය න්‍යායික දැනුම මුලික වශයෙන් ලැබෙන අතර තම නිෂ්පාදන හා සේවාවල ගුණාත්මක බව (Quality of products and Quality of services) ඉහල මට්ටමකට ගෙන ඒමට අවශ්‍ය පදනම මෙම ග්‍රන්ථය මගින් ලැබෙනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka