Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Banku Awadanam Kalamanakaranaya
by Madhawi Herath

Category Management & Administration
Language Sinhala
ISBN Number 978-955-30-7037-1
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Madhawi Herath
Published Year 2016
Book Weight 200.00 Grams
Book Size 21.6x14x0.8cm
Pages 135
Price US $2.12
Rating
Quantity
Description බැංකු අවදානම් කළමනාකරණය -මාධවී හේරත් මාධවී හේරත් ආචාර්යතුමිය වර්තමානයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක වශයෙන් සේවය කරයි. ඇය 1994 වර්ෂයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද පසුව එම විශ්වවිද්යාලයෙන්ම ආර්ථික විද්‍යාව පිලිබඳ දර්ශනපති උපාධිය දිනා ගත්තාය. මේ වන විට විවිධ පර්යේෂණ හා ශාස්ත්‍රීය කටයුතුවල නිරතව ඇය නොයෙක් ශාස්ත්‍රීය ලිපි ලේඛන ද පළකොට තිබේ. මාධවී හේරත් ආචාර්යතුමිය දශක දෙකකට වඩා වැඩි දීර්ඝ කාලයක් තිස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලෙ ආර්ථික විද්‍යාව පිලිබඳ ශාස්ත්‍රවේදී හා දර්ශනපති උපාධි අපේක්ෂකයින් සඳහා මුදල් හා බැංකු පිලිබඳ විෂයන් උගන්වමින් ද මුදල් හා බැංකු පිලිබඳ පර්යේෂණ නිබන්ධන අධීක්ෂණය කරමින් මනා පරිචයක් ලබා ගෙන ඇත. ඒ මගින් බැංකු අවදානම් කළමනාකරණය පිලිබඳ අධ්‍යයනය කිරීමේ දී ස්වභාශාවෙන් ලියන ලද පාඨ ග්‍රන්ථවල හිඟකම මනාව වටහාගෙන ඇත. එසේම ඇය වසර ගණනක් කඳුරට සංවර්ධන බැංකුවේ සභාපතිනිය හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ විධායක අධ්‍යක්ෂවරියක් වශයෙන් කටයුතු කිරීම මගින් බැංකු අවදානම් කළමනාකරණය පිලිබඳ ප්‍රයෝගිකව ඇති තත්ත්වයන් පිළිබඳව ද මනා අවබෝධයක් ලබා ගෙන ඇත. මෙලෙස තම ගැඹුරු අත්දැකීම් මගින උකහාගත් දෑ සමඟ අයගේ ශාස්ත්‍රීය දැනුම සම්බන්ධ කොට ගැනීමෙන් මෙමකෘතිය බොහෝ දෙනෙකුගේ ප්‍රයෝජනයට හේතු වන පරිදි ලියන්නට අයට හැකි වී ඇත. මෙම කෘතිය ශ්‍රී ලංකාවේ ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි හදාරණ සිසුන්ටත් බැංකු කටයුතු පිලිබඳ විවිධ පාඨමාලා හදාරණ සිසුන්ටත් බැකු කටයුතු පිළිබඳ විවිධ පාඨමාලා හදාරණ අයවලුන්ටත් බැංකු කර්මාන්තයේ නිරතවන්නන්ටත් එකසේ ප්‍රයෝජනවත් වනු ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka