Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Obage Sewaka Arthasadhaka Aramudala Labaganeeme Krama
by Mahinda Sisira Kumara

Category Management & Administration
Language Sinhala
ISBN Number 978-955-30-6701-2
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Mahinda Sisira Kumara
Published Year 2016
Book Weight 170.00 Grams
Book Size 21.5x14.6x0.5cm
Pages 80
Price US $1.47
Rating
Quantity
Description ඔබගේ සේවක අර්ථසාධක අරමුදල ලබාගැනීමේ ක්‍රම -මහින්ද සිසිර කුමාර ශ්‍රී ලාංකීය කම්කරුවාගේ සිය වෘත්තීය ගමන් මඟෙහි ඉතාමත් වැදගත් සංධිස්ථානයක් වශයෙන් විශ්‍රාම දිවියට ළඟාවීම සහ වෘත්තීය දිවියෙන් සමුගැනීම හඳුන්වා දිය හැකිය. රට වෙනුවෙන් දර දිය අදින ලද සෑම පුරවැසියකුවකුගේම අපේක්‍ෂාව වනුයේ, තමා වෙත සිය සේවාකාලය අවසානයේ ලබාගත හැකි ප්‍රතිලාභයක් ඇත්නම් එය නීත්‍යානුකූල ආකාරයෙන් ලබාගෙන සිය ජීවිතයේ ඉදිරිකාලය ඉතාමත් සතුටින් ගත කිරීමය. 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පණත මගින් මේ සඳහා පුද්ගලික සහ අර්ධ රාජ්‍යය අංශයේ සේවකයන් වෙත පහසුකම් සලසාදී ඇත. සිය විශ්‍රාම දිවිය සඳහා හෝ ජීවිතයේ වෙන යම් අවස්ථාවක දී තමා විසින් උපයාගත් ධනයෙන් ඉතිරිකරන ලද කොටස ආපසු ලබාගැනීමේ අයිතිය සේවකයෙක් වශයෙන් ඔබ සතුව පවතියි. මෙහි දී ඔබ විසින් පිළිපැදිය යුතු ක්‍රමවේදයක් සහ කොන්දේසි මාලාවක් රජය විසින් ඉදිරිපත්කර ඇත. එම ක්‍රමවේදයන් ප්‍රකාරව සිය අරමුදල් ප්‍රතිලාභ සඳහා ඉල්ලුම් කිරීම සේවකයා සතු වගකීමක් වන අතර, මේ සඳහා ඒ ආශ්‍රිතව පවතින ක්‍රමවේදය සහ නීති රීති පිළිබඳව වූ දැනුම ඔබ හට අතිශය වැදගත්ය. සේවක අර්ථ සාධක අරමුදල පිළිබඳව නීති රීති සහ ප්‍රතිලාභ ආපසු ලබාගැනීමේ ක්‍රමවේදයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළවී තිබුණත්, සිංහල පාඨකයන් සඳහා ලියවී ඇති පොතපත ඉතාමත් සීමිතය. මෙම අඩුපාඩුව පියවා දැමීම වස් සිංහල පාඨකයන්ගේ ප්‍රයෝජනවත්භාවය උදෙසා මෙම සේවක අත්පොත නිර්මාණය කරනු ලැබේ. ඔබ විසින් සේවක අර්ථ සාධක අරමුදල් තැන්පත් කිරීමේ සිට ආපසු ලබාගැනීම දක්වා සිදුකරනු ලබන ක්‍රියාවලිය මෙම කුඩා අත්පොත මගින් ඉදිරිපත් කරනු ලබයි. මේ නිසා අරමුදල් තැන්පත් කිරීම. ආපසු ලබාගැනීම සහ එම අරමුදලේ ආයෝජන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔබ වෙත පවතින ගැටලු සඳහා ප්‍රශ්නාවලියක් මගින් විසඳුම් සපයනු ලැබේ.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka