Description |
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සහ විධායක ආණ්ඩු ක්‍රමය
-ආචාර්ය එස්. අයි. ගමගේ
මෙම දේශපාලන විචාර ග්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ එම කාරණා පිලිබඳ දේශපාලනඥයන්, ආධුනික දේශපාලඥයන්, උගතුන්, බුද්ධිමතුන්, කලාකරුවන් ප්රමුඛ කොටගත් සමස්ථ සිවිල් සමාජය දැනුවත් කිරීමට ය.එය පදනම් කර ගනිමින් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව කෙරෙහි ජනාධිපතිනියගේ ස්ථාවරය 2003.11.04 ජනාධිපතිනිය ගත් තීරණය, විධායකය සහ ව්‍යවස්ථාදායකයේ අවශ්‍යතාවය කාට ද, විධායක බලතල, විධායක ව්‍යවස්ථාදායක ගැටුම්, ව්‍යවස්ථා අර්බුදයක් ද, ඇමෙරිකා විධායක ජනාධිපති සතු බලතල, තමන් පවරාගත් අමාත්‍යංශ වෙනුවෙන් ජනාධිපතිට ව්‍යවස්ථාදායකයේ පෙනී සිටීමට ඇති හැකියා, පක්ෂ ප්රතිපක්ෂවලට විධායකය හා ව්‍යවස්ථාදායකය ජනතාව විසින් පවරනු ලැබූ විට, එය ප්‍රකාශ කළ යුතු ආකාරය විධායකය හා අධිකරණය එක්වීම හා ව්යවස්තාදයක්යේ තත්ත්ව සදාචාරාත්මක දේශපාලන ක්‍රමවේදය පදනම් කරගත් ජාතික ආණ්ඩුවක අවශ්‍යතාවය, ස්වස්ථානික මූලධර්මය පදනම් කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවකින් ස්ථාවර ආණ්ඩුවක් යන මේ කාරණා බෙහෙවින්ම සරලාකාරයෙන් මෙම ග්‍රන්ථය අන්තර්ග්‍රහණය කර ඇත. |