Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Aprikawa
by Prof. Dayananda Somasundara

Category Research Books
Language Sinhala
ISBN Number 978-955-30-6257-4
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Prof. Dayananda Somasundara
Published Year 2015 1st Print
Book Weight 700.00 Grams
Book Size 21.8x14x2.7cm
Pages 480
Price US $9.00
Rating
Quantity
Description අප්‍රිකාව ප්‍රාථමික සමාජයන්ගේ සිට නූතන සමාජයන් දක්වා සමාජීය හා ආර්ථික වෙනස්වීම් -මහාචාර්ය දයානන්ද සෝමසුන්දර ප්‍රාථමික සමාජයන්ගේ සිට නූතන සමාජයන් දක්වා පරිණාමය අධ්‍යයනය කිරීමෙහිලා අප්‍රිකාව මානව විද්‍යාගාරයක් බඳුය. සෑම සමාජීය මට්ටමක්ම අප්‍රිකානු සමාජයන් තුළ විද්‍යාමානය.ප්‍රාථමික සමාජයන් සමහරක් වේගයෙන් නූතන සමාජයන් දක්වා පරිවර්තනය වූ අතර, සමහර ප්‍රාථමික සමාජයන් දක්වා පරිවර්තනය වූ අතර, සමහර ප්‍රාථමික සමාජයන් සෙමින් වෙනස් විය.තවත් සමහර සමාජයන් තවමත් ප්‍රාථමික අවධියේ පසු වෙයි.ඒ අනුව අප්‍රිකානු සමාජය, මානව ශිෂ්ඨාචාරයේ විකාශනය පිළිඹිබු කරන කැඩපතක් වැනිය. මෙම පර්යේෂණ ග්‍රන්ථය පරිච්ඡේද එකොළහකින් යුක්ත වන අතර, පළමුවන පරිච්ඡේදයෙන් අධ්‍යයනයේ පසුබිම, අධ්‍යයන ප්‍රදේශය, අධ්‍යයන ගැටළුව, අධ්‍යයනයේ පරමාර්ථය හා වැදගත්කම,කල්පිතයන්, නිර්වචනයන්, අධ්‍යයනයේ සීමාවන්, ක්‍රමවේදය හා මුලාශ්‍රයන් පිළිබඳව සාකච්ඡා කර ඇත. දෙවන පරිච්ඡේදයෙන් ආර්ථික හා සමාජීය වෙනස්වීම් පිලිබඳ න්‍යායාත්මක පදනම සාකච්ඡා කර ඇත.විශේෂයෙන් ප්‍රාථමික සමාජයන්ගේ සිට නුතන සමාජයන් දක්වා සමාජයන් පරිණාමය වීම සම්බන්ධයෙන් ආර්ථික විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් ඉදිරිපත් කරන ලද අදහස් මෙහිදී විමර්ශනය කරන ඇත. තෙවන පරිච්ඡේදයෙන් ලෝකයේ ප්‍රාථමික ජන සමාජයන් පිලිබඳ සාමන්‍ය විස්තරයක් කර ඇති අතර, අප්‍රිකාවේ ප්‍රාථමික ජනකොටස් පිලිබඳ මූලික හැඳින්වීමක් ද ඉදිරිපත් කර ඇත. ලෝකයේ ව්‍යාප්ත වී ඇති ප්‍රාථමික ජනතාව හා අප්‍රිකානු ප්‍රාථමික ජනතාවගේ සමාන අසමානකම් හා සාපේක්ෂ වැදගත්කම අවබෝධ කර ගැනීමත් ලෝකයේ ප්‍රාථමික ජනතාව මුහුණපාන ගැටළු හඳුනා ගැනීමත් මෙම පරිච්ඡේදයෙන් අපේක්ෂා කර ඇත. සිව්වන පරිච්ඡේදයෙන් අප්‍රිකාවේ ප්‍රාථමික සමාජයන්ගේ හරස්කඩක් නියෝජනය වන නයිජීරීයාවේ තෝරා ගත ප්‍රාථමික ගම්මාන හතරක කරන ලද සමීක්‍ෂණයෙහි දත්ත හා තොරතුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කර ඇත.නූතන අප්‍රිකානු ප්‍රාථමික සමාජයන්ගේ ස්වභාවය තේරුම් ගැනීමට මෙම පරිච්ඡේදයෙන් උත්සාහ දරා ඇත. පස්වන පරිච්ඡේදයෙන් අප්‍රිකාවේ ඉතිහාසය පිළිබඳව දීර්ඝ වශයෙන් සොයා බලන ලදී.මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිට නූතන අවධිය දක්වා මානවයා පරිණාමය වූ ආකාරයත්, විශේෂයෙන් මානව ශිෂ්ඨාචාරය සඳහා අප්‍රිකාවෙන් ලැබුනු දායකත්වයත් විස්තරාත්මකව මෙහිදී විමර්ශනය කර ඇත. හයවන පරිච්ඡේදයෙන් අප්‍රිකාවේ ප්‍රාථමික ගෝත්‍රයන් හා වර්ගයන් ඇති වූ ආකාරයත්, ඔවුන් ව්‍යාප්ත වී ඇති ආකාරයත් පරීක්ෂා කරන අතර, අප්‍රිකාවේ ජනගහන වර්ධනය හා ව්‍යාප්තිය පිළිබඳවත් විස්තරාත්මකව සලකා බලා ඇත. හත්වන පරිච්ඡේදයෙන් අප්‍රිකාවේ සමාජීය වෙනස්වීම් පිලිබඳ දීර්ඝ වශයෙන් සොයා බලන ලදී.අප්‍රිකානු සමාජයන්ගේ සමාජීය ව්‍යුහයන්, සමාජීය සංස්ථා පාලන ක්‍රම, ආගම, භාෂාව, සංස්කෘතිය, විවාහ ක්‍රම, චාරිත්‍ර වාරිත්‍ර ආදිය ආරම්භයේ සිට නූතනය දක්වා විකාශනය වී ඇති ආකාරය හා ඊට බලපෑ හේතුන් ගවේෂණය කර ඇත. අටවන පරිච්ඡේදයෙන් අප්‍රිකාවේ ආර්ථික වෙනස්වීම් පිලිබඳ සාකච්ඡා කෙරෙන අතර, පුරාණයේ සිට නූතනය දක්වා විවිධ අර්ථ ක්‍රමයන්ගේ විකාශනය විග්‍රහ කෙරේ.දඩයම්-රැස්කිරීමේ අර්ථ ක්‍රමයේ සිට පිලිවෙලින් එඬේර-තෘණභූමි අර්ථ ක්‍රමය හරහා නූතන වෙළෙඳපොල අර්ථ ක්‍රමය දක්වා වූ අර්ථ ක්‍රමයන්ගේ වෙනස්වීම් විස්තරාත්මකව මෙහිදී සාකච්ඡා කරනු ඇත. නවවන පරිච්ඡේදයෙන් අප්‍රිකාවේ කෘෂිකාර්මික අංශයන් පිළිබඳව සාකච්ඡා කෙරෙන අතර, සාම්ප්‍රදායික කෘෂිකර්මය හා ග්‍රාමීය කෘෂිකර්මය පිලිබඳව වැඩි අවධානයක් යොමු කර ඇත.අප්‍රිකානු රටවල් සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික ආර්ථිකයන් වූ හෙයින් ඊට බලපෑ භූගෝලීය හා දේශගුණික කරුණුද මෙම පරිච්ඡේදයෙන් විස්තරාත්මකව සාකච්ඡා කර ඇත. දහවන පරිච්ඡේදයෙන් අප්‍රිකාවේ නූතන ආර්ථික හා සමාජ ව්‍යුහයන් සාකච්ඡා කෙරෙන අතර, ආර්ථික වර්ධනය, මානව සංවර්ධනය සහ ආර්ථික හා සමාජීය ගැටළු පිළිබඳව විමර්ශනය කරන ලදී.විශේෂයෙන් නූතනයේ අප්‍රිකානු රටවල් මුහුණපාන ප්‍රධාන ප්‍රශ්නයන් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත. අවසාන පරිච්ඡේදය වූ එකොළොස් වන පරිච්ඡේදයෙන් පර්යේෂණයේ සාරාංශය, නිගමනයන් හා යෝජනා ආදිය ඉදිරිපත් කර ඇත.ප්‍රාථමික සමාජයන් නවීකරණය කිරීම සඳහා වූ උපාය මාර්ගයක්ද අවසානයේ යෝජනා කර ඇත. කරුණු වඩාත් පැහැදිලි කිරීම සඳහා ප්‍රයෝජනවත් වේ යැයි සැලකූ අවස්ථාවන්හිදී දත්ත වගු, සිතියම්, චිත්‍ර සහ ඡායාරූප ඇතුළත් කරන ලදී.පරිශීලනය කරන ලද සියළුම පොත් පත්, ලිපි ඇතුළත් සවිස්තරාත්මක ආශිත ග්‍රන්ථ නාමාවලිය පර්යේෂණ නිබන්ධය අවසානයෙහි යොදා ඇත.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka