Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Ravana Sri lankawe shreshtha raju
by Prof. Dayananda Somasundara

Category Research Books
Language Sinhala
ISBN Number 978-955-30-6301-4
Publisher S.Godage & Brothers (Pvt) Ltd
Author Name Prof. Dayananda Somasundara
Published Year 2015 1st Print
Book Weight 350.00 Grams
Book Size 21.6x14.3x1.3cm
Pages 224
Price US $5.40
Rating
Quantity
Description රාවණා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨ රජු -මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාගේ නවතම කෘතිය වන රාවණා කෘතිය ලිපි 20කින් සමන්විතය.ප්‍රවීණ ලේඛකයන් මෙන්ම ආධුනික ලේඛකයන් 21 දෙනෙකුගේ දායකත්වයෙන් මෙහි ලිපි සකස් වී ඇත.රාවණා රජු පිලිබඳ අප දන්නා කරුණු මෙන්ම නොදන්නා කරුණු ද මෙම ලිපිවල ඇතුලත්ව ඇත.රාවණා රජු පිලිබඳ මහාචාර්ය දයානන්ද සෝමසුන්දර මහතාගේ හැඳින්වීමකින් හා රාමායනය ලියු වාල්මිකී ගැන අනිල් රණසිංහ මහතා විසින් ලියැවුණු කෙටි ලිපියකින් ආරම්භ වන මෙම කෘතියෙහි විශේෂයෙන් රාවණා රජු හා බලංගොඩ ප්‍රදේශය හා ඇති සම්බන්ධතාවයන් දැක්වෙන ලිපිද ඇතුළත් ව තිබීම වැදගත්ය.රාවණා රජුගේ පරපුර හා දක්‍ෂතා පිලිබඳ ලියැවුණු කමලා අතරගල්ල මහත්මියගේ ලිපිය, රාවණා රජු හා සීගිරිය අතර සම්බන්ධතාවය දැක්වෙන ජයන්ත විජේරත්න මහතාගේ ලිපිය, රාවණා රජුගෙන් හෙළදිව වෙදකමට සිදු වූ සේවාව දැක්වෙන ආචාර්ය සාගර කුසුමරත්න මහතාගේ ලිපිය, රාවණා යුගයෙන් ඇරඹුණු අංගම් සටන් කලාව පිලිබඳ ජී.වී. අබේරත්න මහතාගේ ලිපිය, රාවණා රජු පිළිබඳ සඳහන් පැරණි කෘති විමර්ශණය කෙරෙන කලවානේ ජයසේකර මහතාගේ ලිපිය, රාවණා පුවත තහවුරු කෙරෙන සාධක නමැති එම්.ඩී.එම්.එස්. යටවර මහතාගේ ලිපිය, රාමරාවණා පුරාවෘත්තය හා සම්බන්ධ බලන්ගොඩ නමැති සේන කපුගේ මහතාගේ ලිපිය, සමන් දෙවොලක් බවට පත්වූ රාවණා රජුගේ ආයුධ ආයුධ ගබඩාව නමැති නිමල් ශ්‍රී දයානන්ද මහතාගේ ලිපිය, රාවණා රජු මිහිදන් කළ බොල්තුඹේ නමැති හර්බර්ට් චින්තාමනි මහතා ගේ ලිපිය රාවණා රජු පිළිබඳව කරුණු සමුදායයක් හෙළි කරන වැදගත් ප්‍රයෝජනවත් ලිපි වශයෙන් හඳුන්වා දිය හැකිය.මීට අමතරව රාවණා රජු සම්බන්ධ පුරාවෘත්ත, එකල කෘෂිකර්මය, රාවණා හා සම්බන්ධ ස්ථාන නාම, රාවණා කල ශ්‍රී විභූතිය, දඬුමොණරයේ මිණුම් ක්‍රම ආදී ලිපි කීපයක්ද මෙහි ඇතුළත්ය.ඊට අමතරව කලවානේ ජයසේකරයන් හා නිවිතිගල එච්. ජිනදාසයන් විසින් රචිත රාවණා සම්බන්ධ පද්‍ය රචනා දෙකක්ද ඇතුළත්ය.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka