Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Dehi Kapilla
by Gamini P. Kanugala

Category Short Stories
Language Sinhala
ISBN Number 978-955-30-7355-6
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Gamini P. Kanugala
Published Year 2016
Book Weight 290.00 Grams
Book Size 21.6x14x1.1cm
Pages 200
Price US $3.12
Rating
Quantity
Description දෙහි කැපිල්ල -ගාමිණී පී. කණුගල ගාමිණී පී. කණුගල ගේ මෙම කෙටිකතාවලදී අපට ඉතා දුර්ලභ අත්දැකීම් මාලාවක් හමුවේ. ලංකාවේ විවිධ පළාත්වලින්ද විවිධ සමාජ පසුබිම්වලින්ද ලේඛකයන් මතු වීමේ එක් ආනන්දයක් නම් විවිධාකාර අත්දැකීම් සාහිත්‍යගත වී තිබෙනු දැකගැනීමට හැකි වීමයි. කණුගල බය නැතුව ලියයි. එහිදී ඔහු ප්‍රධානත්වය දෙන්නේ අත්දැකීමටයි. කෙටිකතාව නම් සාහිත්‍ය විධියේ ව්‍යුහමය සහ සෞන්දර්ය අංශ ගැන ඔහු කරදර නොවේ. ඒ නිසාමදෝ ඔහුගේ අතින් ලියවෙන්නේ සාපේක්ෂ වශයෙන් ඉතා දීර්ඝ කතා පොතකි. ඔහුට කියන්නට දේවල් ඇත. ඔහු කියන දේ ගලාගෙන එන්නේ මෑත කාලීන කෙටිකතාවලට සාමාන්‍යයෙන් විෂය නොවන ජීවන කලාපවලිනි. බලංගොඩ පිටිසර ගමකුත්, කොළොන්නාවේ කුණු කන්දේ ප්ලාස්ටික් අහුලන ළමයෙකුත් කතාකරුවාට විෂය වේ. රත්නපුරේ මැණික් ලෝකය ගැන කතාකරුවා ගොතන කථා මැණික් ලෝකයේ දීප්තියෙන් තොර ප්‍රදේශයක් අප හමුවේ විවර කරයි. කථා කීමේදී විවිධ ප්‍රතිනිර්මාණ විධි අත්හදා බලන්නට කතාකරුවා දක්වන්නේ නිර්භීත උනන්දුවකි. යුද්ධයේ අවසානයෙන් පසු අලුත් ලංකාවක් පරිකල්පනය කරන පරම්පරාවක් පිලිබඳ කතාකරුවා ලියන්නේ එක්තරා රොමෑන්තිකවාදී තලයකට කතා කලාව ඔසවමිනි. කණුගලගේ කතා අප කියවිය යුත්තේ අලුත් කතාකරුවෙකුට කියන්නට ඇති දේ ගැන සහකම්පනීය හැඟීමකිනි. ලියන්නට මෙතරම් දේ ඇති කෙනෙකු අඛණ්ඩව සාහිත්‍යකරණයේ යෙදෙනු දැකීම මගේ පැතුමයි. -මහාචාර්ය ලියනගේ අමරකීර්ති


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka