Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Sinhala Bhashadhyayana Ithihasaya
by Prof. Wimal G. Balagalle

Category Sinhala
Language Sinhala
ISBN Number 978-955-30-4700-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Prof. Wimal G. Balagalle
Published Year 2016
Book Weight 420.00 Grams
Book Size 21.8x14.2x1.5cm
Pages 256
Price US $4.16
Rating
Quantity
Description සිංහල භාෂාධ්‍යයන ඉතිහාසය -මහාචාර්ය විමල් ජී. බලගල්ලේ සිංහලය වූ කලී එය අයත් වන භාෂා පවුලේ සෙසු සාමාජික භාෂා අතුරෙන් සුවිශේෂතා ගණනාවක් පෙන්නුම් කරන භාෂාවකි. එහි වර්තමාන ව්‍යවහාර කලාපයෙහි මානව ජනාවාසයන්හි ව්‍යාප්තිය සම්බන්ධ පුරාවෘත්ත හා සම්බන්ධ වන දීර්ඝ වෘත්තාන්තමය අතීතයක් ද ඓතිහාසික සාධක හා සමපාත වන පුරාවිද්‍යාත්මක සාධක සහිත ඉතිහාසයක් ද ඊට හිමි වෙයි. පුරාවෘත්තාගත කරුණු අනුව සිංහල භාෂාවට මුල් පදනම වැටෙනුයේ ක්‍රිස්තු පූර්ව 543 දී සිදු වන සම්බුද්ධ පරිනිර්වාණය හා සමගාමී ව උත්තර භාරතීය රාජකීයයකුගේ මූලිකත්වයෙන් ඇරඹෙන ජනාවාසකරණය සමඟිනි. ක්‍රිස්තු පූර්ව තෙවන - දෙවන සියවස් අතර කාලයෙහි පටන් සිංහල භාෂාව ලේඛන කාර්යය සඳහා යොදා ගැනුණු බව හෙළි කෙරෙන ශිලා ලේඛන සිංහල භාෂාවේ ඓතිහාසිකත්වය තහවුරු කරන අභේද්‍ය පුරාවිද්‍යාත්මක සාධක වෙයි. සිය දීර්ඝකාලීන වෘත්තාන්තයෙහි දී සමීප ඥාතිත්වයක් දක්වන භාෂාවලින් වෙන් ව අන්‍ය භාෂාවන්හි සම්පර්කයට පත් වීම හේතුවෙන් සිංහලය සුවිශේෂතා රාශියකින් සමන්විත ස්වාධීන ලක්‍ෂණ ප්‍රකට කරන භාෂාවක් සේ වර්ධනය විය. සිංහල භාෂාවේ ඉතිහාසය හා ඥාති සම්බන්ධතා ද එහි ව්‍යාකරණ සංස්ථිතිය ද දේශීය මෙන් ම විදේශීය උගතුන්ගේ ද අවධානයට මෙන් ම කුතුහලයට ද ලක් වූ ක්ෂේත්‍ර සේ හැඳින්විය හැකි ය. මේ කෘතිය භාෂා අධ්‍යයනය නූතන විද්‍යාත්මක ශික්‍ෂණ මාර්ගයක් සේ වර්ධනය වීමට පූර්වයෙහි පටන් සිංහල භාෂාවේ ඉතිහාසය සම්බන්ධයෙන් සිදු කෙරුණු විමර්ශන, අධ්‍යයන හා ගවේෂණ සම්බන්ධයෙන් කෙරෙන ප්‍රාමාණික අධ්‍යයනයකි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka