Welcome visitor you can Sign in or Sign up
Search By

Total Items: 0
Total Amount: $0.00 View Cart

Book Details

Mul - II elanga parapura
by Eva P Wickramage

Category Translations
Language Sinhala
ISBN Number 978-955-30-7460-7
Publisher S. Godage and Brothers (pvt) Ltd.
Author Name Eva P Wickramage
Published Year 2017
Book Weight 960.00 Grams
Book Size 21.6x14.2x3.1cm
Pages 560
Price US $8.31
Rating
Quantity
Description මුල් - II ඊළඟ පරපුර -ඊවා පී. වික්‍රමගේ ඇමරිකානු පවුලක ආඛ්‍යානය පදනම් කර ඇලෙක්ස් හේලි රචනා කළ රූට්ස් (Roots) නමැති ඉංග්‍රීසි නවකතාව 1976 දී ප්‍රකාශයට පත් විය. එහි සඳහන් වන්නේ 18 වන සියවසේ විසූ ඇමරිකානු ජාතිකයකු වූ "කුන්ටා කින්ටේ" ගේ පූර්ණ වතගොත ය. හේ තරුණයෙකු ව සිටිය දී තම දේශයේ දී වහල් වෙළඳුන් විසින් අත් අඩංගුවට ගන්නා ලදුව, ඇමෙරිකානු එක්සත් ජනපදයේ දී වහල් මෙහෙය සඳහා විකුණනු ලැබූවකි. එහි සඳහන් වන "කුන්ටා කින්ටේ" ගේ ප්‍රධාන චරිතයෙන් ආරම්භ වන පරපුර, - පරපුර ගණනාවක් ම ඈතට ඇදී ගොස් හේලි යුගය දක්වා ම විකාශනය ද වන්නකි. Roots පිටවීමත් සමඟ එය වඩාත් ජනතාව අතර කතා බහට ලක් ව අවසානයේ දී එය රූපවාහිනියේ ග්‍රහණයට නැතුව, එහි ජනප්‍රිය වැඩ සටහන් මාලාවක් බවට ද පත්ව ජනාදරයට ලක් වූයේ ය. ඒ නිසා ම එය 1977 දී ඇමරිකානු එක්සත් ජනපද සංස්කෘතියේ උපලම්බනයට ද හේතු කාරක - සාධක ද වූයේ ය. එපමණක් නොව එක්සත් ජනපදයේ ඉතාමත් අගනා නිර්මාණයක් ලෙසට ද පිදුම් ලැබුවේ ය. "නිව්යෝක් ටයිම්ස්" හි හොඳම අලෙවි ලැයිස්තුවෙහි මාස ගණනාවක්ම එය එහි ප්‍රථම ස්ථානයේ රැඳවුණේය. මෙහි සිංහල පරිවර්තනය I කොටස "මුල්" වශයෙන් 2014 දී ප්‍රකාශයට පත් වූ අතර, දැන් එහි II කොටස ද මෙසේ ඔබ වෙත මුල් II ඊළඟ පරපුර කථාව නමින් පත්කරනු ලැබේ. පළමුවන කොටසේ දී කුන්ටා කින්ටේ ගේ ජීවන කථාව හෙවත් ඔහු ගේ නිර්ව්‍යාජි ජීවන අරගලයට හේතුවන සංදර්භයන්ට අනුභූත වන භාවාත්මක ප්‍රපංචයන් වඩාත් ඉස්මතුවන්නට ඒ හා බැඳෙන මනෝ භාවාත්මක මෙන්ම කායික භාවාත්මක සිද්ධි මාලිකාවන් උද්ධිපනයට, ඔහු ගේ විවාහය හා ගැහැනු දරුවකු ඉපදීම දක්වා වූ අනුවේදනීය ප්‍රපංච ගොන්නක් I - කොටසට ඇතුළත්ව ඇත. II කොටස ලෙස හඳුන්වන මෙයින් ඔහු ගේ දෙවන පරපුරේ ශෝකාන්තය පමණක් ම නොව - තෙවන හා සිවුවන පරපුර දක්වා ම දිගේලිව යන ප්‍රපංචයන් ගේ ජීවන අරගලය හා එහි ඇති මහා ඛේදනීය බව ද ව්‍යාප්තව යන්නේ ය. එය සැබවින් ම අවසන් වන්නේ "ඇලෙක්ස් හේලි" ගේ ම නව මාධ්‍ය පාංතික ආර්ථික - සමාජ යුගයෙනි.


Our Location / Address

No 661, P.D.S. kularathna Mawatha, Maradana Road, Colombo 10, Sri Lanka.

Call us now: +94 112 686 925
Email: info@godage.com

Payment Informations

Shipping method and description

2Checkout.com, Inc. is an authorized retailer of Godage Book Emporium

Social media

Join With our Social Media Networks
   

Copyright © 2008 - 2014 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka