logo banner
Home
Godage News
Contact Us
 Your Shopping Cart
Total Items 00  
Total Amount $0.00  
 
What's New  
Our Company »
Our Projects »
Authors  
Mathslab  
Auditorium  
Book Catelog »
 
Full Category
- Award Winning Books -
Agriculture & Related Technologies
Animals, Birds & Zoology
Archaeology
Art & Architecture
Astrology
Astronomy & related sciences
Ayurwedaya & Yoga
Biographies & Memories
Biology
Buddhism
Chemistry
Children's Books
Christian Books
Cinema & Teledrama
Computer & Internet
Culture
Dictionaries
Drama
Drawing & Decoration
Economics, Finance & Law
Education
Engineering
Felicitation Volumes
Fictions, Novels
Folklore, Customs, Etiquette
Food Science, Food Technology
General Collection
General Knowledge
Geography & Travel
Health, Family & Lifestyle
History & Civilization
Human Resource Management
Language books
Library Operations
Literature & Non-Fiction
Literature and Criticism
Management & Administration
Mathematics
Medicine
Monographs
Music
News Media, Journalism, Publishing
Other
Pelistration
Physics
Plants, Fruits & Forestry
Poetry
Politics & Philosophy
Psychology
Reccreational & Performing Art
School Management & Special Education
School Text Books & Work Books
Short Stories
Sinhala
Sinhala Literature
Sinhala Poetry
Sociology
Sports, Hobbies & Games
Standard English Usage
Tayloring, Clothing & Personal Life
Teens
Translations
Search Book
  Search by Author
   
  Search by Category
   
   
  Advance Search
Customer Login
Customer E-Mail
 
Password
 
 
Remember Me
 
New Account
Password forgotten
Help and Support
  » Shipping method and description
 
 
2Checkout.com, Inc. is an authorized retailer of
Godage Book Emporium
 
Godage News
සිංහල නවකතා ග‍්‍රන්ථ නාමාවලිය - ඒ. ඒ. පියරත්න
 




ගුරුවරයෙකු, පුස්තකාලාධිපතිවරයෙකු සේම ගුරුඋපදේශකවරයෙකු වූ ඒ. ඒ. පියරත්න විසින් රචිත ‘‘සිංහල නවකතා ග‍්‍රන්ථ නාමාවලිය’’ ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙසින් එළිදැක තිබේ. 1876 සිට 2008 දක්වා පළවූ සිංහල නවකතා පිළිබඳව තොරතුරු රැසක් සවිස්තරාත්මකව විද්‍යානුකූල පදනමක් ඔස්සේ පාඨකයා අතට පත්කොට ඇති මෙම ග‍්‍රන්ථය පුස්තකාල විඥාපන විද්‍යාව හදාරන බොහෝ දෙනෙකුට වැදගත් ග‍්‍රන්ථයක් වනු ඇත.

සිංහල නවකතා ග‍්‍රන්ථ නාමාවලියක අවශ්‍යතාව ඔබට දැනෙන්නේ ඇයි?

මම පුස්තකාල විද්‍යාව හැදෑරු අයෙක්. නවකතාවට මගේ දැඩි කැමැත්තක් තිබුණා. නවකතාව පිළිබඳ තොරතුරු සොයන්න, එක්රැස් කරන්න. ලේඛකයන් ගැන සොයන්න. මම කුඩා කල සිටම පෙළඹුණා. පුස්තකාල විද්‍යාව හැදෑරුවට පසුව ශාස්ත‍්‍රීය විදියට මේ දේවල් ගැන සොයන්න කරුණු රැස්කරන්න ඕනෑ කමක් තිබුණා. ඒ සඳහා ප‍්‍රවීණයන්ගෙන් මග පෙන්වීමක් ලැබුණා. කාලානුරූපව මම මෙය ඉදිරිපත් කළා කිව්වොත් නිවැරදියි.

ඔබ ඔය කියන පුස්තකාල විඥාපන විද්‍යාව තුළ ඇති වැදගත්කම කුමක්ද?

පුස්තකාල විද්‍යාවේ නාමාවලිකරණය වැදගත් කොටසක්. ග‍්‍රන්ථ පිළිබඳ දැනගැනීමට තිබෙන එකම මාධ්‍යයත් එයයි. එය ශබ්දකෝෂ, විශ්ව කෝෂවලටත් වඩා වැදගත් දෙයක්. මේ තුළ විද්‍යාත්මක පැත්තක් තියෙනවා. මේ තුළින් තමයි පාඨකයා පොත් පිළිබඳව දැනගන්නේ. මෙහිදී පොත් වර්ග කිරීමට ලක්වෙනවා. ඞී.වී. දශම වර්ගීකරණයෙන් තමයි මෙය සිදුකරන්නේ. විශ්වයේ තිබෙන දැනුම කොටස් දහයකට බෙදනවා. මේ කොටස් නැවත කොටස්වලට කැඩෙනවා. විෂයක ඉතා සියුම් කොටසක් ඒකකයක් විදියට ගන්නවා. මේ රීතිය මුළු ලෝකෙටම පොදුයි. පුස්තකාල විද්‍යාව පිළිබඳව ඇති වැදගත්කම එයයි.

පුස්තකාල විඥාපන විද්‍යාව පිළිබඳ අද පිළිගැනීමක් තියෙනවා?

ඔව්. අද මෙය ප‍්‍රධාන විෂයක් වෙලා තියෙනවා. තරුණ පිරිස මේ සඳහා උනන්දුවක් දක්වනවා. පුස්තකාලාධිපතිවරයකු මහාචාර්යවරයෙකු සේ අද සමාජය තුළ පිළිගැනීමට ලක්වෙනවා. බොහෝ දෙනෙකු සිතන්නේ පුස්තකාලාධිපතිවරයෙකුගේ රාජකාරිය පොත් ගොඩක් බලාගන්න එක කියලා. ඒක වැරදි මතයක්.

මෙම ග‍්‍රන්ථයේ අන්තර්ගතය කවරාකාරද?

1876 සිට 2008 දක්වා පළවූ සිංහල නවකතා වර්ෂානු පිළිවෙළින් ඉදිරිපත් කර තිබෙනවා ලේඛකයන් 1772කගේ නවකතා 5806ක තොරතුරු මෙහි අඩංගුයි. මෙහි අගට සමාලෝචනය කියා කොටසක්ද එකතු කරා. ඒ ඒ වර්ෂවල නවකතාවට ප‍්‍රවිශ්ට ලේඛකයින්ගේ තොරතුරු නවකතා පිළිබඳ කෙටි හැඳින්වීම් මේ තුළ අන්තර්ගතයි. කර්තෘ නාමාවලියක්ද අකාරාදී පිළිවෙළට මෙහි ඇතුළත්. සිනමාවට, ටෙලි නාට්‍යයට නැගුණු නවකතා මෙන්ම සම්මාන දිනූ නවකතාද මෙයට ඇතුළත් කළේ පුස්තකාල විද්‍යාව හදාරන අයටද වැදගත් වීම පිණිසයි.

මෙම නාමාවලිය සකස් කෙරූ ක‍්‍රමවේදය කුමක්ද?

ඇන්ග්ලෝ ඇමරිකන් සුචිකරණ නීතිමාලාවේ සංස්කරණයේ නිර්දේශයන්ට අනුකූලව මෙය සකස් කළා. සුචිය පොතක් හා සමානයි. ඒ අනුව ග‍්‍රන්ථයක් පිළිබඳව පුංචි සංලේත්වයක ඇතුළත් කළයුතු තොරතුරු කොටස් 07ක් යටතේ බෙදා දැක්වෙනවා. එම ක‍්‍රමවේදයට අනුවයි මෙය සැකසෙන්නේ.

මෙම තොරතුරු ඔබ සොයා ගත්තේ කෙසේද?

බොහෝ තොරතුරු ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් සොයා ගත්තා. අප සමාජය තුළ මුද්‍රණය වන කුඩා පත‍්‍රිකාවක තොරතුරු පවා ලේකනාරක්‍ෂක දෙපාර්තමේන්තුවට යනවා. ජාතික පුස්තකාල සේවා මණ්ඩලයෙන් ග‍්‍රන්ථ නාමාවලියක් පිටකළත් ඒ පිළිබඳව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. අත්පිටපත් තුළින් ලැබුණු තොරතුරු පොත් මිල දර්ශන මෙන්ම චරිතාපදානවලින් පවා තොරතුරු රැස් කර ගත්තා.

නවකතා නාමාවලිය සකස්කිරීමේදි ප‍්‍රථම නවකතාව පිළිබඳව ගැටලූවක් මතුවෙනවා නේද?

ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන පොත් අතරින් නවකතා ලක්‍ෂණ තිබෙන පළමු කෘතිය ‘‘මීනා’’ කියලා හැඳින්වීමක් තියෙනවා. ඒ වුණත් මම හඳුන්වන්නේ එල්. අයිසෙක්ද සිල්වාගේ ‘‘වාසනාවන්ත පවුල සහ කාලකණ්නි’’ පවුල අපේ ප‍්‍රථම නවකතාව කියලයි.
මේ තොරතුරු සොයාගත්තේ ලේඛනාරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන්. 1888-663 යටතේ මේ පොත ලියාපදිංචි කර තිබෙනවා. ‘‘මීනා’’ ලියා ඇත්තේ 1905 වසරේ. ග‍්‍රන්ථ නාමාවලියක් සකසනකොට නවකතාවේ උසස් බව නාමාවලියකට අදාළ නැහැ. ‘‘මීනා’’ තුළ වුණත් නවකතාංගයක ලක්‍ෂණ නැහැ. අභව්‍යයි. විශ්වාසනීයත්වයක් මතුකරන්නෙ නැහැනේ. මිනිස් සිත විග‍්‍රහ කරන්න යම් යම් තැන්වලදී උත්සාහයක් දරා ඇති බව නම් පේනවා. මගේ මතය අනුව නම් ලංකාවේ පළ වූ නවකතාංගවලින් පිරුණු ප‍්‍රථම නවකතාව ‘‘ගම්පෙරළිය’’ යි. බොහෝ දෙනා නවකතාව පිළිබඳව තිබිය යුතු ගුණාංග ගැන කියනවා මිසක් නවකතාව කුමක්ද කියා කියන්නේ නැහැ. අපේ නවකතාව එක් රැස්වුණු තැනක් නැහැ.

එසේනම් ඔබ නවකතාව පිළිබඳව දරන්නේ කවර මතයක්ද?

කිසියම් කතුවරයෙක් තමා විසින් නිර්මාණය කරන ලද්දක් හෙයින් පාඨකයා කාල්පනික සත්‍ය ලෝකයනට ගෙන යන ලද සෑහෙන තරම් දිග ග‍්‍රන්ථාරූඨ කරන ලද ගද්‍යමය ආඛ්‍යානයක් කියලා තමයි නවකතාව හඳුන්වන්නේ. සෑහෙන්න දිග කීවාට එය නිශ්චිත නැහැ. ඇතැම් නවකතාවල පිටු 16, 20, 30 ඉඳලා දහස් ගණන් දිග නවකතාත් තිබෙනවා.

නවකතා පිළිබඳ විමර්ශකයෙක් වන ඔබට අද නවකතාව දැනෙන්නේ කෙසේද?

අද නවකතාව සම්මාන සෙල්ලමත් එක්ක පිරිහීමට පත්වෙලා පැති දෙකකින්. අන්තර්ගත තේමාව, කතා වස්තුව එක්ක කවදාහරි, කොහේදී හරි සිදුවේවි කියා නවකතාව ලියනවා. අනෙක් කාරණය භාෂාව. බොහෝ දෙනෙක් දැන් නවකථා ලියන්නෙ කථන භාෂාවෙන්. නවකයෝ පවා හිතන්නේ මේ ක‍්‍රමය නිවැරදියි කියා. නවකතාවකින් ඕනෑම දෙයක් කියන්න පුළුවන් කිව්වාට එහෙම කරන්න බැහැ.

සංවාද සටහන - සුජිත් ප‍්‍රසංග

2011 මාර්තු 01 - ලක්බිම පුවත්පතින් උපුටා ගන්නා ලදී.

 
Other News
2006-01-01 - Link : A collection of articles reflecting superb scholarship
2006-01-01 - Japan Haiku Kawaya by Prof Ariya Rajakaruna
2008-12-24 - History of Copyright Law of Sri Lanka
2010-05-19 - MEDIA CONFERANCE
2010-09-08 - 12th Godage Literary Awards - 2010
2011-07-01 - Sakuntala wins Gratiaen prize for collection of poetry
2011-09-01 - Godage Literacy Award 2011 - Nominations
2011-09-08 - 13th Godage Literary Awards - 2011
2011-10-06 - A Total Scholar’s Controversial Essays
2011-10-14 - Award for Upali Leelarathna
2011-12-18 - A glimpse at two poems of Jean Arasanayagam
2012-02-22 - එන්. සෝමකාන්දන් මහතාගේ 6 වැනි ගුණානුස්මරණය
2012-03-01 - 2012 ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන උළෙල
2012-03-08 - බුද්ධිමත් පාඨක පිරිසක් අරමුණු කොටගෙන..
2012-04-30 - ගොඩගේ පැරණි පොත්
2013-02-09 - අ හෙන් ඉන් ද වින්ඩ්
2013-04-09 - ‘A Hen in the Wind’
Home  |   Godage News  |   What's New  |   About Us  |   Our Projects   |   Authors  |   Godage Math's Lab  |   Auditorium  |   Contact Us
Copyright © 2008 - 2013 Godage Book Emporium | Web Design and Web Hosting in Sri Lanka :Facebook: sri lanka book shop, online book shop